ජාත්‍යන්තර ප්‍රජාවට අප්‍රිකානු රටවල් සතු ස්වාධීන සංවර්ධන මාර්ගයන්ට සහාය විය යුතු බව චීනය කියයි
2023-07-22 15:18:00
Share with:

අප්‍රිකානු රටවල පවතින සත්‍ය තත්ත්වය සහ විශේෂ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ජාත්‍යන්තර ප්‍රජාවට තිබිය යුතු අතර, ඔවුන් අප්‍රිකාව විසින් ස්වාධීනව තෝරා ගන්නා ලද සංවර්ධන මාර්ග සහ ආදර්ශයන්ට ගැලපෙන ඉලක්කගත සහායන් ලබා දිය යුතු බව චීනය කියාසිටී.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා ඊයේ (21) මේ බව ප්‍රකාශ කළේ, ජගත් මහා මණ්ඩලයේ අප්‍රිකානු සංවර්ධනය පිළිබඳ බහු පාර්ශ්වකරුවන්ගේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අදහස් දක්වමිනි. සංවර්ධිත රටවල් ප්‍රාග්ධනය, තාක්‍ෂණය සහ ධාරිතා ගොඩනැගීම සම්බන්ධයෙන් අප්‍රිකානු රටවලට ලබාදෙන සහාය වැඩි කළ යුතු අතර, ජාත්‍යන්තර මූල්‍ය ආයතන අප්‍රිකානු රටවලට වඩා සහනදායී අරමුදල් සැපයිය යුතු බව  ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම