චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා අධ්‍යක්ෂවරයා සහ ඉතියෝපියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
2023-07-22 15:08:21
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ, විදේශ කටයුතු කොමිෂන් සභා අධ්‍යක්ෂ Wang Yi මහතා ඉතියෝපියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය Demeke Mekonnen මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම හමුව ඊයේ (21) ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර දී සිදු විය.

ඉතියෝපියාව සමඟ උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරු කිරීම, දෙරටේ මූලික අවශ්‍යතා සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ආරක්ෂා කිරීම සඳහා චීනය සූදානම් බව Wang Yi මහතා මෙහිදී  පැවසීය. එසේම, අප්‍රිකානු ප්‍රශ්න අප්‍රිකානු ක්‍රමවලින් විසඳා ගැනීමට චීනය අප්‍රිකානුවන්ට සහාය දෙන බව ද හෙතෙම කියාසිටී.

ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ දී චීනයේ සහාය ඉතියෝපියාව අගය කරන බව Demeke Mekonnen මහතා පැවසීය. සාමය තහවුරු කිරීම සහ ආර්ථිකය පුනර්ජීවනය සඳහා ද චීනය සහාය වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ චීනය සමඟ අ‍න්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා පුළුල්  කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඉතියෝපියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම