යුක්රේනය ඇමරිකාව විසින් සැපයූ පොකුරු බෝම්බ භාවිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණස්සල්ල
2023-07-22 15:51:22
Share with:

යුක්රේනය ඇමරිකාව විසින් සැපයූ පොකුරු බෝම්බ භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය තම කණස්සල්ල පළකරයි.

යුක්රේනය දැක්වූ ප්‍රතිචාරයක් අනුව, එරට සිය ර‍ට සැපයූ   පොකුරු බෝම්බ භාවිත කරන බව දැනගැනීමට ලැබුණු බව ඇමරිකාවේ ජාතිකාරක්ෂක කවුන්සිලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක John Kirby මහතා පසුගිය 20 වැනි දා පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජගත් මහාලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric මහතා ඊයේ (21) කියාසිටියේ මෙය දැඩි කණගාටුව දනවන කරුණක් බව යි.

මේ අතර, යුක්රේනයේ මානුෂවාදී කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රකාශක Saviano Abreu පවසා ඇත්තේ පොකුරු බෝම්බ මගින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අතිශය බරපතල වන අතර, ඒ පිළිබඳ සාක්ෂි බොහෝ පවතින බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම