ජනපතිවරණ පිරිවැය සොයා බැලේ
2023-07-22 18:37:24
Share with:

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ දැයි ගණනය කොට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යාංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය  සාකච්ඡා කරන ලෙස ද මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

අදාළ ඇස්තමේන්තු සකස් කොට කඩිනමින් මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම