ලබන වසරේ ශ්‍රී ලංකාවට ධනාත්මක ආර්ථික වර්ධනයක් – මුදල් රාජ්‍ය ඇමති
2023-07-22 17:52:46
Share with:

රට තුළ මූල්‍ය විනය සහ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා රජය ගෙන යන කඩිනම් සහ දුෂ්කර ප්‍රතිසංස්කරණ, තිරසර ආර්ථිකයක් සඳහා අත්‍යවශ්‍ය වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

කොළඹ රබර් වෙළෙඳ සංගමයේ 104 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිලෙසකින් හෝ ආපසු හැරවිය නොහැකි බවයි.

දූෂණ විරෝධී පනත, නව මහ බැංකු පනත මෙන්ම සමස්ත මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන බැංකු විශේෂ විධිවිධාන පනත  ක්‍රියාත්මක කරමින් ආර්ථිකය වඩාත් විශ්වාසදායී දිශාවකට ගමන් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5% – 2.5% ආර්ථික වර්ධනයක් කරා ළඟා වනු ඇති අතර, මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරටට බංකොලොත් තත්ත්වයෙන් මිදීමට හැකි වනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම