ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ
2023-07-22 17:02:07
Share with:

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත්කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර හමුව ඊයේ ( 21) පෙරවරුවේ නවදිල්ලි නුවර දී සිදු වූ අතර, ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් එම සාකච්ඡා පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදක්වා ඇත්තේ  එම සාකච්ඡාවෙන් අනතුරුව යි.

රටවල් දෙකේ මෙන් ම කලාපීය වශයෙන් පුළුල් වර්ධනය සහ සමෘද්ධිය අරමුණු කරගත් මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන්නැයි මෙහිදී ඉන්දීය – ශ්‍රී ලංකා නායකයන් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා හා පුද්ගල හුවමාරු යන ක්ෂේත්‍ර 5 ක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියාවේ දෙදින නිල සංචාරය අතරතුර වික්‍රමසිංහ මහතා  ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය සමග ද සාකච්ඡා පැවැත්වීය.

චාරිකාව නිම වූ ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම