චීන-ඇමරිකා සබඳතා ප්‍රවර්ධනයට මූලධර්මයන් තුන අනුගමනය කිරීමේ වැදගත්කම චීනය යළි අවධාරණය කරයි
2023-07-21 11:31:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් Henry Alfred Kissinger මහතා ඊයේ (20) බෙයිජිංහිදී හමු වූහ.

මීට වසර පනස් දෙකකට පෙර, ජූලි මාසයේදී, එකල ඇමරිකානු ජනාධිපති Richard Nixon මහතාගේ ජාතික ආරක්ෂක උපදේශක හා විශේෂ නියෝජිත ලෙස කටයුතු කළ Henry Alfred Kissinger මහතා චීනයේ නායකයන් හමුවී දෙරටේ සබඳතාව සාමාන්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.

සීතල යුද්ධය උත්සන්නව පැවති එම කාලයේ, චීනය සහ ඇමරිකාව වසර 20 කට වැඩි කාලයක් හුදකලා වීම නතර කර සහයෝගිතාවය ඇති කර ගත්හ. එයට ප්‍රධාන හේතුව වූයේ සතුරා මිතුරෙකු කර ගැනීම එකිනෙකාට ප්‍රයෝජනවත් වනවා පමණක් නොව ලෝකයට ද හිතකර බව චීන-ඇමරිකා නායකයන් අවබෝධ කර ගැනීමයි.

වර්තමානයේ පවතින ජාත්‍යන්තර තත්ත්වය මෙන්ම දෙර‍ටේ හැකියාවන් වෙනස් වුවද, චීනය හා ඇමරිකාව සහයෝගීතාවයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි අතර ගැටුමෙන් දෙපාර්ශ්වයට ම හානි සිදු වනු ඇතැයි යන තර්කය වෙනස් වී නොමැත.  දෙරටේ සහයෝගීතාව ලෝක සාමය පවත්වා ගෙන යාමට අතිශයෙන් වැදගත් ය. ඇමරිකාව කෙරෙහි චීනයේ ප්‍රතිපත්තිය ආරම්භයේ සිට ම ඉහළ මට්ටමේ අඛණ්ඩබවක් පෙන්නුම් කර ඇත.දෙරටේ සබඳතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවය තුළින් පොදු ප්‍රතිලාභ ලබා ගැනීම යන මූලධර්මයන් තුන අනුගමනය කළ යුතු බව ෂී ජින් පිං මහතා අවස්ථා රැසකදී පෙන්වා දී තිබේ. එය චීන-ඇමරිකා සබඳතාවයේ අතීත අත්දැකීම් පිළිබඳ සාරාංශයක් වන අතර, එය නව යුගයේ දී දෙර‍ටේ සබඳතාව පවත්වා ගෙන යාමටත් නිවැරදි මාර්ගයකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම