බ්‍රිතාන්‍යය, මල්විනාස් දූපත් ආජන්ටිනාවට ආපසු පැවරීම ජගත් ප්‍රජාවේ අපේක්ෂාවයි
2023-07-21 20:19:59
Share with:

"දිගු කලකට පසු, යුරෝපා සංගමය මල්විනාස් දූපත් ගැන සඳහන් කළ පළමු අවස්ථාව මෙයයි." යනුවෙන් පසුගියදා ආර්ජන්ටිනා නිලධාරියෙකු බ්‍රසල්ස් හි පැවති තුන්වන CELAC-EU සමුළුවට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් පැවසීය. මල්විනාස් දූපත්වල ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය එම සමුළුව නිකුත් කළ නිවේදනයේ ඇතුළත් කර ඇති බවත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම පදනම් කරගෙන සංවාද මගින් ගැටුම් සාමකාමීව විසඳා ගැනීමට අදාළ ගැටුමට ලක් වූ දෙපාර්ශ්වය එහිදී එකඟ වූ බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේය.

යුරෝපය සහ ලතින් ඇමරිකාව යන ප්‍රධාන කලාප දෙක තම නිවේදනයේ මල්විනාස් දූපත් ස්වෛරීභාවය පිළිබඳ සඳහන් කළ පළමු අවස්ථාව මෙයයි. මෙම නිවේදනය ආජන්ටිනාව සාදරයෙන් පිළිගත් අතර එය වැදගත් "රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක්" ලෙස ද හඳුන්වා දී තිබේ. එහෙත්, බ්‍රිතාන්‍ය පාර්ශ්වය එය හඳුන්වා ඇත්තේ "කණගාටුවක්" ලෙසිනි. ඇමරිකානු"Politico" ප්‍රවෘත්ති ජාලය පෙන්වා දෙන්නේ, යුරෝපා සංගමය එම නිවේදනයේ මල්විනාස් දූපත් ගැන සඳහන් කිරීම වැළැක්වීමට බ්‍රිතාන්‍යය උපරිම උත්සාහයක් ගත් නමුත් අවසානයේ එය ව්‍යර්ථ වූ බවයි.

බ්‍රිතාන්‍යය මල්විනාස් දූපත් අත්පත් කර ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් එහි පවතින පොහොසත් ධීවර හා තෙල් සම්පත් ය. මෑත වසරවල දී, බ්‍රිතාන්‍යය මල්විනාස් දූපත්වල කඳවුරු ලෑම අඛණ්ඩව ශක්තිමත් කර ඇති අතර, බොහෝ විට මෙහි හමුදා අභ්‍යාස ද පැවැත්වේ. එහෙත් මල්විනාස් දූපත් ආජන්ටිනාවට අයත් මුහුදු කලාපයේ පිහිටා ඇති බව මහාද්වීපික සීමා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම 2016 වසරේ දී තීරණය කළේය.

එසේම, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව ආජන්ටිනාවට සහය දීම ද කිසිදා නතර කර නැත. බ්‍රිතාන්‍ය පාර්ශ්වය මල්විනාස් දූපත් ආජන්ටිනාවට ආපසු පැවරීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡා  ආරම්භ කරනු ඇතැයි යන්න සමස්ත ජගත් ප්‍රජාවේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම