ලෝක සාමය,දේශපාලන සමතුලිතභාවය රැක ගැනීමට චීන ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ලෝකයේ අගැයීමට ලක් ව තිබේ - මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද
2023-07-20 18:21:51
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කරන පස් වැදෑරුම් දැක්ම ඔස්සේ ලෝකයට ගත හැකි ආදර්ශ ගණනාවක් පිළිබඳව මේ වන විට සමාජ කතිකාවට බඳුන් වී ඇත. ඔහු ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරුම වර්තමාන ගෝලීය අර්බුද සමනය සඳහා භාවිත කළ හැකි ඉතා වටිනා පදනමක් බවට හඳුනා ගත හැකිය. එම දැක්ම ඔස්සේ ලෝක සාමය, දේශපාලන සමතුලිතභාවය රැක ගැනීම උදෙසා චීන ජනාධිපතිවරයා විසින් කරනු ලබන මැදිහත් වීම අද වන විට ලෝකයේ අගැයීමට ලක්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා කියා සිටී.

ලෝකයේ එම සමතුලිතභාවය ආරක්ෂා  කර ගැනීම උදෙසා යහපත් මැදිහත් වීමක අවශ්‍යතාවයත් විශේෂයෙන්ම ලෝක ආරක්ෂාව අවැසි අවස්ථාවල දුබල රටවල් ආරක්ෂා කර ගැනීම උදෙසා චීන ජනාධිපතිවරයාගේ ප්‍රවේශය අතිශය වැදගත් භූමිකාවක් සනිටුහන් කර ඇත. ආරක්ෂක වැඩපිළිවෙල යටතේ ඔහු විවිධ බලවේග සමනය කිරීමට මෙම නායකත්ව ගුණාංග පිටුවහලක් වී ඇති බව පෙනේ. වර්තමානයේ මැද පෙරදිය සාමය, යුක්රේන-රුසියා යුද සමනය උදෙසා ඇතුළු තවත් ගෝලීය ගැටළු රැසක් හමුවේ සාමයෙන් ස්ථාවරත්වය රැකගැනීමේ සංකල්පය ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇත. සංවර්ධන ක්‍රියාවලියේදී ද ගෝලීය සැපයුම් ජාලයේ කේන්ද්‍රස්ථානය මෙන්ම විශාල පාරිභෝගික වෙළඳපොලකට ද හිමිකම් කියන චීනය දෙපාර්ශවයටම ජය ගත හැකි සංවර්ධන ප්‍රවේශයකට එළැඹ තිබේ. පොදු පදනමක සිට වෙනස්කම් පිළිගනිමින් සම්මූතීන් පුළුල් කරමින් සාම්ප්‍රදායික සහ අන්‍යෝන්‍ය ශිෂ්ඨාචාරයන්ට ගරු කිරීම හා රැක ගැනීම ඔස්සේ එක් එක් ර‍ටට හිමි වටිනාකම් ආරක්ෂා කිරීමේ දැක්ම හෙතෙම ලොවට යෝජනා කර ඇත. එය ලෝකයේ පැවැත්ම සඳහාත් වි‍ශේෂයෙන්ම ජාතීන් අතර අන්‍යෝන්‍ය බැඳියාව රඳා පැවැත්මට මෙන්ම ලෝක තුලනය උදෙසාත් ප්‍රධාන භූමිකාව චීනය විසින් ඉ‍ටු කරන බැවින් ලබා දෙන එම නායකත්වය මේ මොහොතේ අතිශයින්ම වැදගත් බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම