කිසිදු ප්‍රජාවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආසාධාරණයක් වීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍යවරයා කියයි
2023-07-20 17:41:33
Share with:

වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ලබන වසර වන විට සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එසේම, කිසිදු ප්‍රජාවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කරයි. ඔහු මේ අදහස් පළකළේ  ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ය.

නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.  ඒ වෙනුවෙන් පසුගිය දිනවල කොටගල ප්‍රදේශයේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

වතු පාසල්වල සංගණනයක් සිදු කර, අවශ්‍යතාව අනුව දමිළ භාෂා ගුරුවරු බඳවා ගැනීමට නියමිත බව ද ඔහු මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම