දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට
2023-07-20 16:16:46
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශයන් හි වගකීම් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින  කාලසීමාවේ දී අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

ඒ අනුව, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද ක්‍රියා කරනු ඇත. එසේම, දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්,  කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්  ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම