අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක්
2023-07-20 16:15:24
Share with:

අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටී. එමගින් එම අර්බුදයට කෙටිකාලීන මෙන්ම මාධ්‍ය හා දිගුකාලීන වැඩසටහන් ඔස්සේ විසඳුම් ලබාදෙන බව ද ඇය පවසයි.

අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ,  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අලි – මිනිස් ගැටුම පාලනය සඳහා වැඩමුළු කිහිපයක් ද මේ වන විට අමාත්‍යාංශය විසින් පවත්වා තිබේ. මේ සඳහා ස්ථීර ප්‍රතිපත්තියක් සකසා, පසුව එය නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරිය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම