ත්‍රිපිටකය අන්තර්ජාලයට
2023-07-19 16:21:56
Share with:

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර්ජාලයට ඇතුළත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කරයි.

ඒ අනුව ත්‍රිපිටකය ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදාහැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන්, ත්‍රිපිටකය අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහිපැවිදි සියලු පාර්ශ්ව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා කියාසිටී.  මහානායක හිමිවරුන්ගේ අනුශාසනා හා අනුමැතිය යටතේ මෙම කාර්යය සිදුකෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම