ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ප්‍රශංසනීය බව ලෝක බැංකුව කියයි
2023-07-19 16:11:22
Share with:

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවට නංවා ඇති වැඩසටහන ප්‍රශංසනීය බව, නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ Faris Hadad Zervos  මහතා කියාසිටී.

එම වැඩපිළිවෙළ එලෙසින්ම, ජනතාවත් දැනුවත් කරමින් ඉදිරියට පවත්වාගෙන යන ලෙස ද ඔහු පැවසීය. ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මේ අදහස් පළ කළේ, කොළඹ දී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමිනි.

බලාපොරොත්තු නොවූ අර්බුදයකට මැදි වූ ශ්‍රී ලංකාවට අපහසු තීන්දු තීරණවලට එළැඹීමට සිදුවනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. මේ දේශපාලනය ඉස්මතු කරගත යුතු කාලයක් නොවේ.  ශ්‍රී ලංකාවට යළි හිස එසවීම සඳහා නිවැරදි දේ කිරීමට කාලය දැන් එළඹ ඇතැයි ද සර්වෝස් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම