උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම තම අපේක්ෂාව බව ජනපති කියයි
2023-07-19 16:15:29
Share with:

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එසේම, උතුරු- නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් හෙතෙම කියාසිටී.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග, පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (18)  පැවැති සාකච්ඡාවේ දී ය. තමාට අවශ්‍ය උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම