විදේශ ආයෝජන ආකර්ශනය කර ගනිමින් වර්ධනය වන චීන ආර්ථිකය
2023-07-18 10:59:09
Share with:

             

                 මේ වසරේ චීනයට ගලා එන විදේශ ආයෝජනයන්හි පැහැදිලි වර්ධන ප්‍රවණතාවක් දක්නට ලැබේ. මයික්‍රොසොෆ්ට්, ඇපල්, ටෙස්ලා, ෆයිසර්, ස්ටාර්බක්ස්, රියෝ ටින්ටෝ සහ සවුදි අරම්කෝ වැනි ප්‍රමුඛතම බහුජාතික සමාගම්වල විධායකයින් අඛණ්ඩව චීනයට පැමිණෙමින් සිටී. ඒ ඔවුන්ට චීනය පිළිබඳ දැඩි විශ්වාසයක් පවතින බැවිනි. ඊයේ (17) චීන රජය 2023 වසරේ මුල් මාස හයට අදාළ ජාතික ආර්ථික දත්ත නිකුත් කළේ ය. එම දත්ත මෙම විදේශ සමාගම්වල විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමකි.

                  ගෙවුණු මාස හය තුළ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 59.3ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂ ව 5.5%කින් වර්ධනය වී ඇති බව චීනය ඊයේ නිකුත් කළ දත්ත මගින් පෙන්වා දෙයි. චීනය ලොව ප්‍රධාන සංවර්ධිත ආර්ථිකයන් අභිබවමින් ලොව ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස අඛණ්ඩව රැඳී සිටින බව එම දත්තවලින් මනාව තහවුරු වේ.

                 චීනය විදේශ ආයෝජකයන්ට සුවිශාල ප්‍රතිලාභ හිමි කර දෙන දැවැන්ත වෙළඳපොලකි. මෙම දැවැන්ත වෙළඳපොලේ අසීමිත ලාභදායී අවස්ථා සැඟව ඇත. ගෙවුණු වසර 5 තුළ චීනයේ විදේශ ආයෝජනය මත ලාභ අනුපාතය 9.1%ක් බව චීන ජාතික විදේශ විනිමය මහා පරිපාලනය පවසයි. ඊට සාපේක්ෂ ව යුරෝපයේ හා ඇමරිකාවේ එම අනුපාතය 3%ක් වන අතර නැඟී එන ආර්ථිකයන්හි එය 4%ත් 8%ත් අතර අනුපාතයක පවතී.

                චීනය ඊයේ නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස හයේ චීනයේ භාණ්ඩ ආනයනය හා අපනයනය චීන යුවාන් ට්‍රිලියන 20.1ක් දක්වා වර්ධනය වී තිබේ. එය පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2.1%කින් වර්ධනය වී ඇත. ගෝලීය ඉල්ලුම විශාල වශයෙන් අඩු වී ඇති පසුබිමක මෙවන් වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම පහසු කාර්යයක් නොවේ. වර්තමානයේ ගෝලීය කාර්මික හා සැපයුම් ජාලයන්හි ශක්තිමත් ක්‍රියාකාරීත්වය වෙනුවෙන් චීනය  ලබා දෙන සුවිශේෂි දායකත්වය සමස්ත ජගත් ප්‍රජාවේ ඇගයුමට ද ලක්ව තිබේ.

 

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම