මෙරට ක්ෂේත්‍ර රැසක ආයෝජනය කිරීම පිළිබඳව චීනයේ අවධානය
2023-07-18 16:19:08
Share with:

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනවලට විශාල අවස්ථා පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, මෙරට ක්ෂේත්‍ර රැසක කළ හැකි ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි චීන ව්‍යවසායකයන් පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දීය.

සීමාසහිත Daguowen සංස්කෘතික සමාගමේ සභාපති Zhang Qihua මහතා මෙහිදී කියාසිටියේ, ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව හා ගෝලීය තිරසර සංවර්ධන ප්‍රවර්ධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බවයි. චීනයෙන් මිලියනයකට අධික සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතු බව ද හෙතෙම පැවසීය. Zhe Jiang ප්‍රසිද්ධ කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි Jin Meiyang මහත්මිය මෙරට කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සහාය වීමට මෙහිදී කැමැත්ත පළ කළාය. මානව අක්මා සෛල සහ මැණික් ගල් අතර ඇති සබඳතාව පිළිබඳ ගවේෂණය කරන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන Wuxin Group සමාගමේ සභාපතිනි Xie Yueyu මහත්මිය පැවසුවේ මෙරට  පිළිකා රෝගීන් සුව කිරීමට සඳහා සහාය වීමට අපේක්ෂා කරන බවයි.

නව බලශක්ති, නවීන තාක්ෂණය, සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන සමාගම් රැසක නියෝජිතයෝ පිරිසක් මේ දූත පිරිසට ඇතුළත්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම