වසර 10 කට පසු යල කන්නයේ ඉහළ වී වගාවක්
2023-07-18 16:19:54
Share with:

රජයේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර්  512 000 ක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්මාන්තය නවීකරණය  සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ යටතේ, වසර 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80% ක් සපුරාලිය හැකි කෘෂි නිෂ්පාදන ඵලදාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා කියාසිටියේය.

නවීන තාක්ෂණය කෘෂිකර්මයට යොදාගෙන, අපනයනය ඉලක්ක කර එළවළු සහ පලතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඒ තුළින් කෘෂි බෝග ආනයනය සීමා කිරීමටත් හැකි වන බව ද හෙතෙම පැවසීය.

මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, ‘වසරක ප්‍රගතිය’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම