ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය තවදුරටත් ඉහළට
2023-07-17 15:47:50
Share with:

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ලබන මාසය වන විට රටේ උද්ධමනය 7% – 8% මට්ටම දක්වා පහළ බසිනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ණයබර සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් බංකොලොත් වූ රටක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාව කඩිනමින් ගැටළු විසඳාගනිමින් සිටින බව ද ඔහු කියාසිටී. නිශ්චිත ඉලක්ක සහිතව දැඩි මූල්‍ය විනයකින් යුතුව ක්‍රියාකිරීම ඊට හේතු වී ඇත. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව වෘත්තිය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඵලදායී අදහස් භාර ගැනීමට රජය තව දුරටත් සූදානම් බව ද සේමසිංහ මහතා එහි දී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම