වසර 25 ක් පැරණි තරගාවලි වාර්තාව බිඳ දමමින් මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට
2023-07-17 15:47:02
Share with:

තායිලන්තයේ  පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී වසර 25 ක් පැරණි තරගාවලි වාර්තාව බිඳ දමමින්, මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත් වෙයි. ඊයේ (16) පැවති එම තරගයෙන් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනාගත්තාය. එහිදී තරුෂි වාර්තා කළ කාලය මිනිත්තු 2:00:66 වන අතර, ගයන්තිකා 2:03:25ක් ලෙස කාලය වාර්තා කරමින් තරගය අවසන් කර තිබේ.

ඊයේ පැවති මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම නව තරග වාර්තාවක් සහ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම කැපීපෙනේ. එසේම, මෙවර තරගාවලියේ මීටර් 400 කාන්තා අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමිකර දීමට නදීෂා රාමනායක සමත් වූවාය.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී  ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක්  සහ ලෝකඩ පදක්කම් 3 ක් සමගින් පදක්කම් 8 ක් දිනාගත් අතර, ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක දී මෙරටට හිමි වූ වැඩිම පදක්කම් සංඛ්‍යාව එයයි. තරගාවලියේ පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. තරගාවලිය බැංකොක් නුවර දී ඊයේ නිමාවට පත්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම