ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක්
2023-07-16 16:16:29
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ලබන සතියේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර මීට පෙර අවස්ථා කිහිපයක දී සාකච්ඡා පැවැත්විණ.

එම සාකච්ඡාවල දී ජූලි මස 31 වන දිනට පෙර අදාළ ගැටලු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සති අන්තයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එම සංචාරයට පෙර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම