චීනය සමඟ සහයෝගිතාවෙන් සොලමන් දූපත් වේගවත් සංවර්ධනයකට
2023-07-15 16:16:36
Share with:

2019 දී චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ආරම්භ කර සිව්වසරක් තුළ, වේගයෙන් වර්ධනය වූ දෙර‍ටේ සබඳතාවය මගින් සොලමන් දූපත් රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ අත්කර ගෙන ඇත.

ලක්ෂ 7.2 ක ජනගහණයක් සහිත නිවර්තන දූපත් ර‍ටක් වන සොලමන් දූපත් මීට පෙර බටහිර රටවල් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සලකනු ලැබුවේ යල් පැන ගිය යටිතල පහසුකම් සහ අපහසු ප්‍රවාහනය සහිත අමුද්‍රව්‍ය ප්‍රභවයක් සහ නිෂ්පාදන සඳහා බැහැර කිරීමේ ස්ථානයක් ලෙසයි. දෙවන ලෝක යුධ සමයේදී ඇමරිකාව සහ ජපානය එහි තැබූ පුපුරා නොගිය බෝම්බ විශාල ප්‍රමාණයක් ද එරටේ යටිතල පහසුකම් සංවර්ධනයට බාධාවක් වී ඇත. සොලමන් දූපත් ලෝක සංවර්ධනයේදී "මඟ හැරුණු වූ කලාපයක්" බවට පත් විය. නමුත්, මෑත වසරවල එහි පැහැදිලි වෙනස්කම් සිදු වෙමින් පවතී.

චීනය සමඟ සබඳතාවයේ සංවර්ධනයත් සමඟ, සොලමන් දූපත් රාජ්‍යයේ විශාලතම වෙළඳ සහකරු සහ විශාලතම අපනයන ගමනාන්තය බවට චීනය පත්ව ඇත. චීනයට සිදු කරන අපනයන එරටේ සමස්ත අපනයනයෙන් තුනෙන් දෙකක් පමණ වේ. එකම චීනය මූලධර්මය ද එහි ජනතාවගේ පොදු එකඟතාවකි.

එරට චීනය වෙත අපනයනය කරන නිෂ්පාදනවලින් 98% ක් සඳහා චීන පාර්ශ්වය ශුන්‍ය තීරුබදු සහනයක් ලබා දෙයි. චීනයේ අධ්‍යාපනය ලබන එරටේ තරුණ සිසුන්ට චීන රජය ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර ඇත. චීනයේ Guizhou වෛද්‍ය කණ්ඩායම සොලමන් දූපත්වලට ගොස් එහි වෛද්‍ය සේවා සපයන අතර, එහිදී වෘත්තීය පුහුණුව ලබා දීමෙහි ද නිරත වේ. දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ චීනයේ අත්දැකීම් සමගින් චීනයේ අඛණ්ඩ සහය යටතේ, සොලමන් දූපත් රාජ්‍යයේ සංවර්ධනයට වැඩි අවස්ථා ගෙන එනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම