චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීම සිය රට ගත් නිවැරදිම තීරණයයි-සොලමන් දූපත් රාජ්‍යයේ අගමැති
2023-07-15 19:24:01
Share with:

චීනය හා සොලමන් දූපත් රාජ්‍යය   2019 වසරේ සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් රාජ්‍යතාන්‍ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු දෙරටෙහි සම්බන්ධතා කැපී පෙනෙන ලෙස වේගවත්ව වර්ධනය විය. සිව් වසරකින් පසු එරට අගමැති Manasseh Sogavare මහතා යළිත් වරක් චීනයේ නිල සංචාරයක නිරත විය. නව යුගයේ අන්‍යෝන්‍ය ගෞරවය, පොදු සංවර්ධනය පිළිබඳ අංගසම්පූර්ණ උපායමාර්ගික සම්බන්ධතාවය ඇති කර ගැනීමට ඔහුගේ සංචාරය තුළදී දෙරට ඒකාබද්ධව ප්‍රකාශ කර ඇත.

ඇතැම් රටවල් චීන සොලමන් දූපත් සම්බන්ධතාවය පිළිබඳව යම් චකිතයන් ඇති කර ගනිමින්, චීනය සොලමන් දූපත් රාජ්‍යයට ඊනියා බලපෑමක් කරන බවට චෝදනා එල්ල කරයි. මේ සම්බන්ධයෙන්  චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනියක සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී සොලමන් දූපත් රාජ්‍යයේ අගමැතිවරයා සිය අදහස් දැක්වීය.

‘ලෝකය තුළ චීනයේ ශක්තිය වර්ධනය වීම පිළිබඳ ඇතැම් රටවල් කණස්සල්ලෙන් පසුවෙයි. එහෙත්, සිය ශක්‍යතාවය වර්ධනය වීම, චීනයේ ගැටලුවක් ද? ෂී ජින්පිං ජනාධිපතිවරයා මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දී ඇත. එනම්, රටක් විශාල වූවත් කුඩා වූවත් එය අන්තර්ජාතික මිත්‍රත්වයට කිසිසේත්ම අදාළ නොවේ ’. 

දෙරට අතර සංවර්ධන සහයෝගීතාවය ඇතැම් රටවල විවේචනයට ලක් විය. මේ පිළිබඳව Manasseh Sogavare අග්‍රාමාත්‍යවරයා මෙවන් අදහසක් දැක්වීය.

‘විවිධ පාර්ශ්වයන් එවැනි ප්‍රකාශ උද්දීපනය කරන්නේ චීනයේ බලපෑම් ශක්තිය පිළිබඳ ඇති කණස්සල්ල හේතුවෙනි. නමුත්, සොලමන් දූපත් රාජ්‍යය ස්වාධීන රටක්. චීනය ද ස්වාධීන රටක්. අපි කුමන පාර්ශ්වයන් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්නේ ද, කුමන පාර්ශ්වයන් සමග සංවර්ධන සහයෝගිතා පවත්වන්නේ ද යන්න අන් කිසිවකුට කිසිසේත්ම අදාළ නොවේ. මේ වන විට උපුටා දක්වන, ඊනියා ‘ණය උගුල’, ‘ප්‍රජාතන්ත්‍රවාදී වටිනා සංකල්ප විනාශයට පත්වීම’ වැනි සියලු ආකාරයේ ත්‍රාසය ඇති කිරීමේ ප්‍රකාශ, අහේතුක සහ ව්‍යාජ බව සැබෑ සත්‍ය තුළින් සනාථ වී තිබේ. එවැනි කියමන් ප්‍රචාරය කළ රටවල් සොලමන් දූපත් රාජ්‍යය පාලන කිරීමේ අවස්ථාව අහිමිවීම ගැන කණස්සල්ලෙන් පසුවේ. අපි සෑම විටම රටට ගැළපෙන හොඳම දේ තෝරා ගනිමු. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීම, ඉතිහාසයේදී අප විසින් ගත් හොඳම තීරණයයි. එම තීරණය පිළිබඳ කිසිදු පසුතැවීමක් ද නොමැත. මන්ද එය, නිවැරදිම තීරණයක් වන බව සොලමන් දූපත් රාජ්‍ය අගමැතිවරයා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම