උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට සැලසුමක්
2023-07-15 17:23:29
Share with:

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම එම අවස්ථාව ලබා දීම රජයේ වගකීම බව ද අවධාරණය කර සිටියේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (14) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.




ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම