ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බව ජනපති පවසයි
2023-07-15 17:22:21
Share with:

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විශේෂ වෙබ් අඩවියක් මගින් දිනපතා සෑම රෝහලකම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

මෙරට මතුව ඇති ඖෂධ හිඟය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත (NMRA) සංශෝධනයට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳ ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම