රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනය අත්‍යවශ්‍ය බව ජනපති පවසයි
2023-07-14 16:02:09
Share with:

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනය අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ එය සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව කියා සිටියේය.

එසේම පසුගිය වසර කිහිපය තුළ මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවීම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණනාවක් පත් කර තිබෙන බව සඳහන් කර ඇත.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම