“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට රුපියල් බිලියන 206ක්
2023-07-13 18:39:07
Share with:

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් පසුගිය වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශ්ව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (12) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම