උතුරු දුම්රිය මාර්ගය 15 සිට යළි විවෘත වේ
2023-07-13 18:35:31
Share with:

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මාස පහකට පමණ පසුව ලබන 15 දා සිට කොළඹ හා කන්කසන්තුරේ අතර යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.                                  

නවීකරණය කළ අනුරාධපුර සිට වවුනියාව දක්වා මාර්ගය නිරීක්ෂණය කිරීමේ විශේෂ දුම්රිය චාරිකාවක් සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගියේය.

මාර්ගයේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ගමන් වාර කිහිපයක් සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම