නේටෝ සංවිධානය චීනයට යළි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ අභිප්‍රාය කුමක්ද?
2023-07-13 16:27:07
Share with:

නේටෝ සංවිධානයේ Vilnius නායක සමුළුව ඊයේ (12) අවසන් විය. එම සමුළුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය තුළ, චීනය පිළිබඳ යළි යළිත් උපුටා දක්වමින් චීනය යුරෝපා-අත්ලන්තික් සාගරයේ ආරක්ෂාවට ‘පද්ධතිමය තර්ජනයක්’ වී ඇති බව ප්‍රකාශ කර ඇත.

නේටෝ සංවිධානයේ න්‍යාය පත්‍රයට අනුව මෙවර සමුළුව යුක්‍රේනයේ වත්මන් තත්ත්වය හා සිය සාමාජිකත්වය ව්‍යාප්ත කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබිණ. නමුත් එම නිවේදනයේ වැඩි කොටසක් චීනයට එරෙහි වන ප්‍රකාශ එළිදැක්වීම තුළින් ඔවුන්ගේ අභිප්‍රාය විග්‍රහ කර ගත හැකිය. 

නේටෝ සංවිධානය ලොව විශාලතම මිලිටරි සන්ධානයයි. එහි පැවැත්මේ මූලික ගාමක බලය වන්නේ විරුද්ධවාදීන් සිටීමයි. සීතල යුද්ධය අවසන් වීමෙන් පසු නේටෝ සංවිධානය විසින් විවිධ කාල පරිච්ඡේදවලදී සංශෝධනය කරනු ලැබූ උපායමාර්ගික සංකල්පිත ලිපිලේඛන විනිශ්චය කිරීම තුළින් ගම්‍ය වන්නේ, එය හුදෙක්ම ඇමරිකාවේ උපායමාර්ගික සැලසුම් පසුපස හඹා යන්නක් බවයි. විශේෂයෙන් ජෝ බයිඩන් රජය ඉතා අසාධාරණ ලෙස චීනය සිය රටේ වැදගත්ම උපායමාර්ගික තරගකරුවා ලෙස සලකා තිබේ. එහෙයින් වොෂින්ටනයේ මෙහෙයවීම යටතේ නේටෝ සංවිධානය චීනය කෙරෙහි ක්‍රමිකව දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. ඇමරිකාව අනුගමනය කරමින් චීනය ‘පද්ධතිමය අභියෝගයක්’ ලෙස ලේබල්  කරමින්, ඒ හරහා ආසියා ශාන්තිකර කලාපයේ කටයුතුවලට මැදිහත් වීමටත් ප්‍රයත්න දරයි.

ඒත් යථාර්ථය වන්නේ, ඉතිහාසයේ සිට මේ දක්වා චීනය කිසිදු ගැටුමක් ඇති කර නොගෙන, වෙනත් රටක බිම් අඟලක් හෝ අත්පත් කර ගෙන නොමැත. කිසිවිටක Proxy යුද්ධයක් ද දියත් කර නොමැත. සෑම විටම ‘මනකල්පිත සතුරන්’ නිර්මාණය කිරීමට දක්ෂ නේටෝ සංවිධානය, සමස්ත ලෝකයටම සිටින සැබෑම පද්ධතිමය අභියෝගයයි. සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වූ මෙම සංවිධානය ඇමරිකාව විසින් මෙහෙයවන යුද යාන්ත්‍රණයකි. සිය සංවිධානය ආරක්ෂක සංවිධානයක් වන බවත් නීති මත පදනම් වූ ජාත්‍යන්තර පර්යාය ආරක්ෂා කරන බවත් පැවසූව ද, එම සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නොසලකා යුගෝස්ලෝවියාව හා සිරියාව ආදී ස්වාධීන රටවල යුදමය තත්ත්වයන් ආරම්භ කළේය. එහිදී සිවිල් වැසියන් විශාල වශයෙන් මිය ගිය අතර මිලියන ගණනක ජනතාවක් අවතැන්ව සිටිති.   

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම