ව්‍යවසායික රාජ්‍යයක් නිර්මාණය කිරීම ජනපතිගේ අරමුණයි
2023-07-12 16:54:35
Share with:

සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණු ව්‍යවසායක ජාලයක් නිර්මාණය කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පවසයි.

“අස්වැසුම” වැඩසටහනේ අවසන් අරමුණ වසර 2048 වන විට දිළිඳු බවින් තොර රටක් වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ සැලසුම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරයාට භාර දෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පාසල් යන වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වා ආරක්ෂා කිරීම සහ සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ද කියාසිටියේය.

සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම