ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයේ "ආසියා පැසිෆික්කරණය" ආසියාවේ සාමයට තර්ජනයක්
2023-07-12 10:24:08
Share with:

නේටෝ සංවිධානයේ ප්‍රමුඛ සමුළුව ඊයේ (11) ලිතුවේනියාවේදී ආරම්භ විය. යුක්රේනයේ තත්ත්වය පිළිබඳ මූලික තේමාවට අමතරව නේටෝවේ ආසියා පැසිෆික්කරණය පිළිබඳ ප්‍රශ්නය යළිත් වරක් උණුසුම් වී තිබේ.

"ආසියා පැසිෆික්කරණය" යනු ඇමරිකාවේ නායකත්වය යටතේ නේටෝ සංවිධානය විසින් තමන්ව සවිබල ගැන්වීම සඳහාත් ආසියා පැසිෆික් කලාපයේ අර්බුදයක් ඇති කිරීම සඳහාත් ගත් පියවරකි. නේටෝ සංවිධානයේ ආසියා පැසිෆික්කරණ ක්‍රියාවලියේදී ජපානය “වෘකයන් නිවසට ආකර්ෂණය කර ගන්නා”සේ නොගැළපෙන පිරිස් සමග සබඳතා ගොඩනැඟීමේ  කාර්යභාරයක් ඉටු කර ඇත. නේටෝ සංවිධානය ආසියාවේ පළමු සම්බන්ධතා කාර්යාලය ටෝකියෝ හි විවෘත කිරීමට සැලසුම් කර ඇත. ආසියා පැසිෆික් මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ජපානයේ පවත්වාගෙන යාමට නේටෝ සංවිධානය බලාපොරොත්තු වන බව එයින් පෙන්නුම් කෙරේ. එයට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට ඊනියා "යුරෝපීය අත්දැකීම්" ආසියා පැසිෆික් කලාපයේද අනුගමනය කිරීමට අවශ්‍ය නමුත් කලාපයේ ජනතාව කිසි විටෙකත් ඊට එකඟ නොවනු ඇත. නේටෝ සංවිධානයට ආසියා පැසිෆික් කලාපය කඩාකප්පල් කරමින් තම කාර්ය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන අතර ලොව පුරා සාමයට ආදරය කරන ජනතාව ඊට එකඟ වන්නේ නැත. නේටෝ සංවිධානය යනු ඇමරිකාව විසින් මෙහෙයවනු ලබන ආක්‍රමණශීලී මිලිටරි සංවිධානයකි. නේටෝ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව, එහි පැවැත්මේ අර්ථය දිගු කලක් තිස්සේ අහිමි වී ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම