IMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ - මුදල් රාජ්‍ය ඇමති
2023-07-12 16:46:46
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එහෙයින් එම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙටි කාලීනව ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදුවුණු ශක්තිමත් වීමක් ලෙස නොසලකන බවත්, අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය මේ වන විට නිර්මාණය වී ඇති බවත් හෙතෙම කියාසිටියේය.

ලබන පාර්ලිමේන්තු සතියේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම