අර්බුද නිසා නවතා දැමූ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 සිට යළිත්
2023-07-11 15:42:13
Share with:

ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුන් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා  පවසයි. විවිධ හේතුන් මත  නතර කළ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ තිරසර සහ ගුණාත්මක  අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය  කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා කියාසිටියේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස්  පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍යය  කේන්ද්‍රයේ  අද (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම