වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ අවසන් කෙරේ
2023-07-10 16:06:38
Share with:

2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා එම පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමිනි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කොළඹ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය කි. මී.5.27ක දිගින් යුතු වේ. මංතීරු 4කින් සමන්විත එහි පළල මීටර් 25කි. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක්‌ වන අතර චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

ආර්ථික මර්මස්ථානයක් වශයෙන් සැලකෙන වරාය පරිශ්‍රයේ ඉදිකිරීම් වලට කිසිදු අවහිරයක් නොවන පරිදි විශාල අභියෝගයන් රැසක් මැද සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය මේ විට 70%ක්‌ පමණ ඉදිකිරීම් අවසන් කර තිබෙන බව හෙතෙම පැවසීය. ඒ අනුව සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා වරාය නගර පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය ඉතාමත් ඵලදායි ව්‍යාපෘතියක්‌ වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම