තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹෙයි
2023-07-10 15:56:32
Share with:

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ,ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ (09) රාත්‍රියේ සිට ආරම්භ විය. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්.- 140 දරන ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10 ට තායිලන්තයේ Don Mueang  ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

මෙම ගුවන් ගමන සඳහා ගත වන කාලය පැය 03 යි විනාඩි 15 ක් වන අතර තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම