විදේශ රැකියා වෙළෙඳපොළ ගැන සුබ ලකුණක්
2023-07-09 17:04:31
Share with:

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් මේ වසරේ දී කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව ය.

2022 වසර තුළ 311,000කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවත් මේ වසර තුළ කටාර්, කුවෙට්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් 4ට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් යොමු වීමේ ප්‍රවණතාවක් ඇති බවත් සමාන්‍යාධිකාරිවරයා අවධාරණය කළේය.

ඊට අමතර ව රුමේනියාව සහ ජපානය යන රටවල් දෙකටත් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු වී තිබේ. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විදේශගත වන ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර වැඩි වශයෙන් කුසලතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම