න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම ප්‍රවර්ධනය කිරීමට අවධාරණය කිරීමෙන් ජපානය ඉතිහාසයේ නිර්ලජ්ජිතම ක්‍රියාවට දායක වෙයි
2023-07-08 16:55:14
Share with:

ජපානයේ න්‍යෂ්ටික නියාමන අධිකාරිය ඊයේ(7) ටෝකියෝ විදුලි බල සමාගමට ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය බැහැර කිරීමේ පහසුකම් පිළිගැනීමේ සහතිකය නිකුත් කළේ ය. එය සංකේතවත් වන්නේ, දෙස් විදෙස් බලවත් විරෝධය නොතකා ජපාන රජය, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීමේ සැලසුමට තවත් පියවරක් තබා ඇති බවයි.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර ඉහළම මට්ටමේ න්‍යෂ්ටික අනතුරයි. එය නිපදවන අපජලයෙහි න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් ලැබෙන රේඩියනියුක්ලයිඩ් රසායනික විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙයින් විශාල කොටස් වලට ජපානයේ ඵලදායී සැකසුම් තාක්ෂණය නොමැත. ජපානය නිකුත් කළ දත්ත වලට අනුව, රට තුළ පිරිපහදු කරන ලද න්‍යෂ්ටික අපජලයෙන් 70% ක් පමණ ප්‍රමිතීන්ට අනුකූල නොවීය. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් නිකුත් කරන ලද නවතම තක්සේරු වාර්තාවේ ද මෙම කරුණ පිළිගෙන තිබේ. ඒ පමණක් නොව, ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීමේ සැලසුම වසර 30ක් හෝ ඊට වැඩි කාලයක් සිදු කරනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිසරික ව්‍යසනය ආපසු හැරවිය නොහැකි විය හැකිය.

මුදල් ඉතිරි කර ගැනීම සඳහා ජපානය පැසිෆික් සාගරය මලාපවහනාගාරය ලෙස සලකයි. න්‍යෂ්ටික අපජලය මුහුදට මුදා හැරීම ජපානය නොනවත්වා ක්‍රියාත්මක කළහොත්, එය ඉතිහාසයේ නිර්ලජ්ජී ක්‍රියාවක් වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම