උසස් පෙළ විභාගය අයදුම්පත් 28 දක්වා online මඟින්
2023-07-08 16:44:00
Share with:

අ.පො.ස. උසස් පෙළ 2023 විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ. මේ සඳහා අයදුම් කිරීම ඊයේ(7) සිට මෙම මස 28 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දන්වා සිටී. ඒ අනුව සියලු අයදුම්කරුවන් මාර්ගගත (online) ක්‍රමයට පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic) හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම (Mobile App) DoE වෙත පිවිස අදාළ උපදෙස් ගෙන අයදුම්පත් සම්පූර්ණ කොට යොමු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින් පෞද්ගලිකවමද අයදුම්පත් යොමු කළ යුතුය. එමෙන්ම 2022 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, එහෙත් නැවත මේ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ද මෙම මස 28 වන දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු වේ.

(මේ සම්බන්ධයෙන් විමසීම් ක්ෂණික ඇමැතුම් අංක 1911 හෝ ඍජු දුරකතන අංක 0112784208, 0112784537, 0112786616 හෝ පොදු දුරකතන අංක 0112786200, 0112784201,0112785202 – දිගුව 263, 265, 280, 282, 443 වෙතින් හෝ ෆැක්ස් අංක 0112784422, විද්‍යුත් තැපැල් ලිපිනය -gcealexam@gmail.com ඔස්සේ කළ හැකිය.)

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම