සංචාරක කර්මාන්තය රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන ක්ෂේත්‍රය කිරීමට ජනපතිගෙන් සැලසුම්
2023-07-08 16:45:37
Share with:

ඉදිරි දශකයේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල ආදායම ඉහළ නංවාගත හැකි බවද කියා සිටී.

පසුගිය 06 වැනිදා කොළඹ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය විසින් සංවිධාන කළ “දේශසීමා ඉක්මවා යෑම – ජීවිතය පරිවර්තනය කිරීම” වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දැනට සංචාරකයන් වාර්ෂිකව මිලියන 2.5ක් ලංකාවට පැමිණෙන අතර එය මිලියන 5 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම