අස්වැසුම නව නිර්ණායක ලැබෙන තුරු දීමනා අඛණ්ඩව
2023-07-07 16:02:12
Share with:

නව නිර්ණායකයන් හදුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 04 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිඳු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මේ වන විට අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ අභියාචනා 760,000ක් සහ විරෝධතා 10,000ක් ද පමණ ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචිවීමට නො හැකි වූවන්ට මෙන්ම අලුතින් සම්බන්ධවීමට අදහස් කරන අයට වාර්ෂික ව අවස්ථාවක් සැලසීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව අගෝස්තු මාසයේ දී මේ සඳහා යළිත් අවස්ථාව ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම