පොලී අනුපාත අඩු කිරීමේ වාසිය බැංකු විසින් ජනතාවට ලබා දිය යුතුයි-මහ බැංකු අධිපති පවසයි
2023-07-07 16:03:23
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකු වලට සහන කාලයක් හිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය. එම කාලය තුළදී බැංකු විසින්  ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකු වලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම