‍විගණන පාශ්චාත් උපාධිලාභීන් වර්ධනය කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක්-චීන ජනපති
2023-07-06 20:17:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 4 වනදා Nanjing විගණන විශ්ව විද්‍යාලයේ විගණන පාශ්චාත් උපාධි ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ විදේශ සිසුන් වෙත පිළිතුරු ලිපියක් පිරිනැමීය. චීනයේ විගණන ක්ෂේත්‍රයේ පිරිස් සමග හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය ශක්තිමත් කරමින් විගණනය ඔස්සේ චීනය පිළිබඳ ඔවුන් අවබෝධය ලබා ගනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

Nanjing විගණන විශ්ව විද්‍යාලයේ විගණන පාශ්චාත් උපාධි ජාත්‍යන්තර අධ්‍යයන අංශය 2016 වසරේ ස්ථාපිත කෙරිණ. මේ වනවිට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සම්බන්ධ රටවල විගණන දෙපාර්තමේන්තු සඳහා එම අංශය ඔස්සේ වෘත්තීය පුද්ගලයන් 280 දෙනෙක් යොමු කර තිබේ. ඒ අතරින් 200කට වැඩි පිරිසක් උපාධි ලබා සිය මව්රටට ගොස් විගණන රාජකාරී කටයුතු වල නිරතව සිටිති.

චීනයේ, විගණනය චීන පාලක පක්ෂය හා ජාතික අධීක්ෂණ පද්ධතියේ වැදගත් කොටසකි. අධ්‍යයනයෙන් පසු විදේශ සිසුන් චීනයේ විගණන ක්‍රමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නා අතර, ඉන් චීන කොමියුනිස්ට් පක්ෂය දූෂණය මර්දනය කිරීමට ගන්නා දැඩි අධිෂ්ඨානය දැක ගත හැකි ය. විගණනය ඔස්සේ චීන ලක්ෂණවලින් යුතු නවීකරණය සමෘද්ධිමත් ලෙස වර්ධනය වීම දක්නට ලැබෙන අතර චීන අක්ෂර කලාව, චිත්‍ර හා සංගීතය හැදෑරීමෙන් චීන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඔවුන් ලබා ගෙන ති‍බේ.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය මේ වසරට යෙදේ. ලෝකයේ විවිධ රටවල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් විගණන පාශ්චාත් උපාධිලාභීන් වර්ධනය කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් බවට පත්ව තිබේ. එම විදේශ සිසුන් ෂී ජින් පිං මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් කළේ චීනයේ අත්දැකීම් සදහටම අමතක නොවන අතර චීනය හා සිය රට අතර මිතුදම වර්ධනය කිරීමේ දූතයන් ලෙස කටයුතු කිරීමට උත්සාහ දරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම