කාලීන අර්බුදවලට ශැංහයි සහයෝගිතා සංවිධානයෙන් විසඳුම්
2023-07-06 10:34:01
Share with:

ජූලි මස 4 වනදා ඉරානය ශැංහයි සහයෝගිතා සංවිධානයට නිල වශයෙන් එක්වීමත් සමඟ ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 9 ක් දක්වා වර්ධනය වී තිබේ. වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන සංවෘත කණ්ඩායමක් නොවන ශැංහයි සහයෝගිතා සංවිධානය, විවෘත ආකල්පයෙන් යුතුව “මහා පවුලක් ” පොදුවේ ගොඩනැගීම උදෙසා ක්‍රියා කරයි.එමෙන්ම ආරක්ෂාව, සංවර්ධනය හා සහයෝගිතාව කේන්ද්‍ර කරගත් එම සංවිධානය ආසියා-යුරෝපා කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට ධනාත්මක ශක්තිය ලබාදෙමින් සිටී.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට බෙයිජිං අගනුවර සිට  වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් වැදගත් දේශනයක් ඉදිරිපත් කළේය. එහිදී, සංවිධානයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන කරුණු ඇතුළත් උපදෙස් 5ක් ලබා දී ඇත. පසුගිය වසරේ එම සංවිධානය පැවැත්වූ Samarkand රාජ්‍යනායක සමුළුවේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා ද  මෙවර උපදෙස් මගින් තහවුරු කෙරෙන අතර, ශැංහයි සහයෝගිතා සංවිධානයේ තිරසර සංවර්ධනය සඳහා පැහැදිලි මාර්ගෝපදේශ නිර්මාණය කර ඇති බව චීනයේ  විශ්වාසය යි.

ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර දැනට වසර 20 ක් ගත වී තිබේ.එම කාලය තුළ “ශැංහයි චින්තනය ” අනුගමනය කරමින්, වෙනස් ශිෂ්ටාචාර සාම්ප්‍රදායන් මෙන්ම වෙනස් සංවර්ධන ව්‍යුහයන් පවතින රටවල් එක්ව, සන්ධානය වෙනුවට හවුල්කාරිත්වයත්, ගැටළු වෙනුවට සංවාදයත් පවත්වාගෙන නවීන ජාත්‍යන්තර සංවිධානයකට උචිත සංවර්ධන මාවතක් සාර්ථකව ගවේෂණය කර ඇත. එසේම, පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානය නමැති මහා පවුලේ සංවර්ධන සංකල්පය, ගෝලීය ආරක්ෂාව, සහයෝගිතා, ශිෂ්ටාචාර සහ ගෝලීය පරිපාලන යන සංකල්පයන් හි අර්ථය පිළිබිඹු වන ප්‍රායෝගික සහයෝගිතා පියවර මාලාවක් ද එමගින් ක්‍රියාවට නංවා තිබේ. එම සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස චීනය සෑමවිටම එහි සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදෙමින් සිටී.    

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම