චීන-අප්‍රිකානු වෙළඳාමේ නව අවස්ථා පුළුල් වෙයි
2023-07-05 14:09:11
Share with:

‘පොදු ප්‍රගමනය සාක්ෂාත් කරගනිමින් අනාගතය පොදුවේ බෙදාගනිමු’ යන තේමාවෙන් යුත් තුන්වැනි ‘චීන-අප්‍රිකානු ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය’ පසුගිය දා සාර්ථකව අවසන් වුණා. එය පැවැත්වුණේ, චීනයේ Hunan පළාතේ Changsha නගරයේ දී.

චීන-අප්‍රිකානු ආර්ථික හා වෙළඳ සබඳතාව පුළුල් වීම හේතුවෙන්, අප්‍රිකානු රටවල අනන්‍යතාවන්ට අනුගත ව කෝපි, තේ කොළ, රතු වයින් ඇතුළු නිපැයුම් රැසක් එහිදී ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හිමි ව තිබීම සුවිශේෂයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අප්‍රිකානු කලාපයේ, ප්‍රධාන චීන වෙළඳ හවුල්කරුවෙක්. මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත රටක් ලෙස, කොංගෝවේ ජාතික මණ්ඩප ප්‍රදර්ශන කුටිය, සිය රට සතු ඉහළ පතල් සම්පත් පිළිබඳව ප්‍රදර්ශනය කළා. එපමණක් නොව, කෝපි, මිරිස් නිපැයුම් ඇතුළු කෘෂි නිෂ්පාදන ද ඊට ඇතුළත් වුණා. එසේම, මෙවර ප්‍රදර්ශනයේ දී, තම රට සතු පුළුල් ආයෝජන අවස්ථා චීන ආයෝජකයන්ට මනාව පෙන්නුම් කළ හැකි බවටත් කොංගෝවේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ නිලධාරීන් අපේක්ෂා පළ කර තිබුණා.

මේ අතර, ඝානාවෙන් පැමිණි ඇඳුම් නිර්මාණ ශිල්පියෙකුට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මෙහිදී අවස්ථාව ලැබුණා. එරටට ආවේණික රෙදි විවීමේ ශිල්පයෙන් සකස් කර ඇති ජාතික ඇඳුම් ද ඔහුගේ නිර්මාණ අතර දැකිය හැකිවුණා. එපමණක් නොව, භාවිත කළ රෙදිපිළි යොදාගනිමින් සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ සැකසූ ඇඳුම් නිර්මාණ ද ඊට ඇතුළත්. චීනයේ පාරිභෝගිකයන්ට අප්‍රිකානු මෝස්තර නිර්මාණ පිළිබඳ අවබෝධයක් ලබාදීම ඔහුගේ අපේක්ෂාව යි.



ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම