මහ කන්නයේ බඩඉරිඟු ගොවීන්ට විසිදාහක ආධාරයක්
2023-07-05 16:46:03
Share with:

ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට නැවත අය නොකෙරෙන මුදලක් ලෙස එම මුදල ලබා දීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

බඩඉරිඟු වගාවට අවශ්‍ය බීජ හා පොහොර සියල්ල නොමිලයේ සැපයීමට ද නියමිතය.

සත්ත්ව ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැති වීම හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ කිරි බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටී තිබූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙලෙස බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම