ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්
2023-07-05 16:45:18
Share with:

ලෝක බැංකුවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් මිලියන 700ක මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

දේශීය අය-වැය සඳහා සහාය වීම වෙනුවෙන් මෙම මුදල ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අනුමැතිය දැනටමත් හිමිව තිබෙන අතර එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අය-වැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන් කර තිබෙන බව ද ඒ මහතා එහි සඳහන් කර තිබේ.

අය-වැය සඳහා වෙන් කර තිබුණු මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ශ්‍රී ලංකාවට මෙලෙස හිමිව ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම