කොමොරොස් රාජ්‍යයට සහාය වූ චීන වෛද්‍ය කණ්ඩායම
2023-07-05 14:04:48
Share with:

නව චීනය විදේශ රටවල් වෙත වෛද්‍ය පහසුකම් සහාය දැක්වීමේ 60 වැනි සංවත්සරය මෙම වසරේ සැමරෙනවා. මේ යටතේ කොමොරොස්  රාජ්‍යය වෙත ගිය 15 වැනි චීන වෛද්‍ය කණ්ඩායමේ නායක Pan Chunxi ගේ කතාවයි, අද අප ඔබට කියන්නේ. 

වෛද්‍ය Pan සේවය කළේ Guangxi Zhuang ස්වායත්තයේ රෝහලක. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ, Pan උපන් ගමේ මිතුරන් සමග කළ සුහද කතාබහක දී, තමා කොමොරොස් රාජ්‍යයට ගොස් වෛද්‍ය සේවා සපයන්නට කැමත්තෙන් සිටින බව පැවසුවා. ‘ කොමොරොස් කොහේ ද තියෙන්නේ ? ’ ‘ අනේ, යන්න එපා ’ වැනි ප්‍රතිචාර තමයි මිතුරන්ගෙන් ඇයට ලැබුණේ. තමන්ගේ රෝහල කොමොරොස් රාජ්‍යයට වෛද්‍ය කණ්ඩායමක් යවන බව දැනගන්න කොට Pan ඒ රට ගැන කිසිවක් දැන හිටියේ නැහැ. එරටට ගිය පසු එහි ජීවිතයට පුරුදු වෙන්න පුළුවන් ද වගේ ප්‍රශ්න පවා ඇගේ සිතේ ඇති වුණා.

වෛද්‍ය කණ්ඩායම එක්ක කොමොරොස් වෙත ගිය පසු, Pan ජල හා විදුලි හිඟය ඇතුළු බො‍හෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. සාමාන්‍ය ජීවිතයේ දී මෙවැනි ප්‍රශ්න තරමක් කළමනාකරණය කරගන්නට හැකි වුණත්, වෛද්‍යවරියක ලෙස, ජලය හා විදුලිය නැති වීම වෛද්‍ය සේවාවලට ලොකු බාධාවක් බවයි Pan පවසන්නේ. නමුත්, මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුළත එවැනි ගැටළු විසඳාගන්නට ඇය සමත් වුණා. එපමණක් නොවෙයි, එරට ජනතාව සහ එහි දී ලද සුවිශේෂී අත්දැකීම් තම ජීවිතයේ සදාකාලික මතක සැමරුම්වලට එක් වූ බවත්  Pan පවසනවා.

වෛද්‍ය සේවා ඉටුකිරීම අතරතුර චීන-අප්‍රිකානු රෝහල් සහයෝගිතා ක්‍රමවේද ව්‍යාපෘතිය වෙනුවෙන් ද Pan දායක වුණා. මේ යටතේ සුදුසුකම් සහිත වෘත්තීමය වෛද්‍යවරුන් කොරොමොස් රාජ්‍යය තුළම පුහුණු කරවීම සඳහා චීන වෛද්‍ය කණ්ඩායමේ සහාය දැක්වීම එහිදී පැවරුණු තවත් වගකීමක්.

මාස කිහිපයක් ඇතුළත, ‘ චීන වෛද්‍යවරුන් ලොව විශිෂ්ටතම වෛද්‍යවරුන් ’ යන ඇගැයීම්වලට Pan සහ ඇගේ සගයන් බොහෝ අවස්ථාවල දී ලක් වුණා. මීට ප්‍රතිචාර වශයෙන් තමා හා වෛද්‍ය කණ්ඩායම තවදුරටත් කොමොරොස් හි ජනතාව වෙනුවෙන් ඇපකැප වීමට සූදානම් බව යි, වෛද්‍ය Pan Chunxi පවසන්නේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම