තක්සේරු වාර්තාවේ නිගමනය කෙසේ වෙතත් ජපානය න්‍යෂ්ටික අප ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ඛේදවාචකයක්
2023-07-05 20:22:08
Share with:

             

             පසුගිය දා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය තක්සේරු වාර්තාවක් නිකුත් කරමින් ජපානය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම දළ වශයෙන් සම්මත කර තිබේ. එහෙත් මෙම වාර්තාවේ අධිකාරිය පිළිබඳව ජපාන වැසියන් පමණක් නොව චීනය හා දකුණු කොරියාව ඇතුළු අසල්වැසි රටවල් ද සැක පළ කර සිටී.

             ගෙවුණු වසර දෙකේ ජපානයේ Fukushima න්‍යෂ්ටික අප ජලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අවසරය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ලැබුණ ද එම පරීක්ෂණයට ජපානය විසින් දැඩි සීමා පනවා තිබිණ. න්‍යෂ්ටික අප ජලය බැහැර කිරීම සඳහා විවිධ ක්‍රමවේද ඇත. මුහුදට මුදාහැරීම එහි එක් තෝරා ගැනීමක් පමණි. එහෙත් සිය න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම පමණක් තක්සේරු කිරීමට ජපානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පෙළඹවීය. පරීක්ෂණය සිදු කිරීමේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ලැබුණු සියලු දත්ත හා සාම්පල ජපානය විසින් පමණක් සපයන ලදී. මෙවන් පසුබිමක් යටතේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය නිකුත් කළ තක්සේරු වාර්තාව සම්පූර්ණයෙන් විශ්වාස කළ හැකි මට්ටමේ නොපවතින බව පැහැදිලි ය.

              න්‍යෂ්ටික අප ජලය පිරිපහදු කිරීමේ උපකරණ කල් පවතී ද ? න්‍යෂ්ටික අප ජලය ප්‍රමිතියෙන් තොරව මුහුදට මුදා හැරියහොත් ජගත් ප්‍රජාවට ඒ පිළිබඳ කඩිනමින් දැනගත හැකි වෙයි ද ? න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමෙන් පසු දිගු කාලයක් තුළ මුහුදේ එකතු වීම නිසා සාගර පරිසරයට හා සාගර නිෂ්පාදිතවලට කුමන බලපෑම් ඇති වෙයි ද? එයින් මානව සෞඛ්‍යයට ඇති වන හානි කවරක් ද ? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ තක්සේරු වාර්තාව ලබා දී නොමැත.

             Fukushima න්‍යෂ්ටික අප ජලයේ විකිරණශීලි ද්‍රව්‍ය 60කට වැඩි ප්‍රමාණයක් අඩංගු වන බවත්, පිරිපහදු කරන ලද න්‍යෂ්ටික අප ජලයෙන් 70%ක් මුදාහැරීමේ ප්‍රමිතියට ළඟා වී නොමැති බවත්, ජාත්‍යන්තර අධ්‍යයන වාර්තා රැසකින් හෙළි වී ඇත. ජාත්‍යන්නතර පරමාණුක බලශක්ති ඒජින්සියේ තක්සේරු වාර්තාව කවරාකාරයෙන් සකස් කර ඇතත් ජපානය ඉදිරි වසර 30හේ Fukushima න්‍යෂ්ටික අප ජලය නොනවත්වා පැසිෆික් සාගරයට මුදා හැරීමට අවසර දිය යුතු නැත..!

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම