ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍යනායක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය 4 වැනි දා වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. එම සංවිධානය පිහිටවනු ලැබුවේ 2001 වසරේ දී යි. ආරම්භයේ දී එහි සාමාජිකත්වය හිමිවූයේ චීනය, රුසියාව, කසක්ස්ථානය, කිර්ගිස්ථානය, ටජිකිස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවලට ය. 2017 වසරේ, ඉන්දියාව හා පකිස්ථානය ඊට එක්විය. මෙවර රැස්වීමේ දී, ඉරානය සාමාජික රටක් ලෙස සංවිධානයට එක්වීම සම්මත කෙරුණු අතර, බෙලරුසියාව සංවිධානයට එක්වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ. ගතවූ වසර 22ක් තුළ, ශැංහයි සහයෝගිතා සංවිධානය, වැඩිම ජනගහණයක් සහිත විස්තීර්ණ කලාපීය සංවිධානයක් බවට පත්වීම විශේෂත්වයකි.
වර්තමානයේ පවතින්නේ කැළඹිලි සහිත ලෝකයකි. ශැංහයි සහයෝගිතා සංවිධානය කාවරාකාරයෙන් ආශ්‍රය කළ යුතු ද යන්න අවධානයට යොමු වී ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර රැස්වීමේදී දේශනයක් පවත්වමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. ‘විවිධ රටවල ජනතාවට සුන්දර ජීවිතයක් පිළිබඳව ඇති ප්‍රාර්ථනය සාක්ෂාත් කරවීම අපගේ අරමුණයි. ‘සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු-ජයග්‍රාහී බවින් යුත් ප්‍රවණතාව වළක්වා ලිය නොහැකියි’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
‘ශැංහයි සහයෝගිතා සංවිධානය’ නමැති පවුල, සාමාජික රටවල කේන්‍ද්‍රීය ප්‍රතිලාභ හා පොදු අවධානයට ලක්වූ කරුණු අගය කළ යුතු ය. ඒ ඒ රටවල් සිය සංවර්ධනය හා අනාගතය තමන් විසින් ම අත්පත් කරනු ලැබිය යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කලාපීය සුරක්ෂිතභාවය පිළිබඳ අදහස් දක්වන ෂී ජින් පිං මහතා පෙන්වා දෙන්නේ, එම සහයෝගිතා ත්‍රස්තවාදය මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම ඇතුළු ක්ෂේත්‍රයන් හි සිට, දත්ත සුරක්ෂිතතාව, ජෛව විද්‍යා ආරක්ෂාව ඇතුළු නවීන ආරක්ෂණ ක්ෂේත්‍ර දක්වා පුළුල් කළ යුතු බවයි.
එසේ ම, හෙතෙම ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ශැංහයි සහයෝගිතා සංවිධානය තුළින් මනාව පිළිබිඹු වී තිබේ. ඉදිරි වසර 3 තුළ, සංවිධානයේ සාමාජික රටවලට ජාත්‍යන්තර චීන භාෂා ගුරුවරුන් ලබාදීමේ ශිෂ්‍යත්ව 1000 ක් සැපයෙන අතර, අදහස් හුවමාරු කරගැනීම සඳහා චීනයට පැමිණෙන ලෙස යොවුන් විද්‍යාඥයන් 100 දෙනෙකුට ආරාධනා කිරීමට ද අපේක්ෂිත ය.