" එයා චයිනා " ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි.
2023-07-04 18:47:01
Share with:

චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා "  ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් එම සේවයේ පළමු ගුවන් යානය ඊයේ රාත්‍රී (3)  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ප්‍රථම ගුවන් ගමන සදහා ඒ.- 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණ.

චීනයේ ෂිචුවාන් පලාතේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් මගීහූ 142 දෙනෙක් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් ද පැමිණ සිටියහ .

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම